2023 ජූලි 17, ප.ව. 12:24
            
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සියලුම ඉන්ධන පිරවුම්හල්වලට සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම අනිවාර්ය කර තිබියදී එයට අනුගත නොවෙමින් කටයුතු කරන සියලුම පිරවුම්හල් ඛනිජ තෙල් සංස්ථාව පාලනයට ගන්නා බව එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ප්‍රකාශ කළා.
මේ වන විට පිරවුම්හල් 770කට මේ බව දන්වමින් ලිපි යොමු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
එම පිරවුම්හල් තවදුරටත් සියයට පනහක ඉන්ධන සංචිතයක් පවත්වාගෙන නොයන්නේ නම් ඒවා ඛනිජ තෙල් සංස්ථාව භාරයට ගන්නා බවද කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසා සිටියා.
මේ වන විට එම නීතීන්වලට අනුගත නොවූ රාජගිරියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාලනයට ගෙන තිබෙනවා.
එමෙන්ම යාපනයේ කරෙයිනගර්හි පිහිටි ඉන්ධන පිරවුම්හලක්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාරයට ගැනීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25