hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2023 නොවැම්‍බර් 07, පෙ.ව. 9:12



කොළඹ වරාය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගෙන ආ Fos Power නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඉන්ධන සාම්පල පරීක්ෂාවේදී නියමිත තත්ත්වයේ නොමැති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා දෙකකින් තහවුරු වී තිබියදී එම ඩීසල් කොළොන්නාවේ සිට පරිභෝජනය සඳහා බෙදා හැරීමට සූදානම් කර ඇති බව ප්‍රධාන පුවත්පතක් විසින් අනාවරණ කර තිබේ.

මෙම පරීක්ෂණ වාර්තාව ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉල්ලීම පරිදි පරීක්ෂා කර ලබා දී ඇති බව ද වාර්තා වේ.

LIOC/2023/07 දරන පරීක්ෂණ වාර්තාව මුලින්ම ගෙන ඇත්තේ පෙරේදා (05) දිනයේය.

ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු එම පුවත් පතට පවසා ඇත්තේ, ඉන් පසුව ඊයේ (06) ගත් පරීක්ෂණාගාර වාර්තාවත්, තත්ත්වයෙන් බාල බවට ලැබී ඇතත් එම තෙල් බෙදාහැරීමට තීරණය කර ඇති බවයි.

” Fos Power” නෞකාවේ 1p, 1S, 3P, 3S, 5P, 5S ටැංකිවලින් ගොඩබා ඇති ඩීසල්වල සාම්පල පරීක්ෂාවේදී මේ බව හෙළි වූ බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.

ටොන් හතළිස් දහසක් රැගත් මෙම නෞකාව සිංගප්පූරුවේ සිට ඔක්තෝබර් 30 පිටත් වී ඇති අතර කොළඹ වරාය වෙත සේන්දු වී ඇත්තේ නොවැම්බර් 05 දා බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: