hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:04



ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ ආකාරයට විශ්වවිද්‍යාල සහ පාසල් පද්ධතිය දේශපාලනීකරණය වෙමින් ඇතැයි විශ්වවිද්‍යල ආචාර්වරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් චාරුදත්ත ඉලංගසිංහ පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම කළ යුතු වුව ද පවතින පනතෙහි ප්‍රතිපාදන යොදා ගෙන පිඨාධිපතිවරුන් සහ අංශ ප්‍රධානීන් පත්කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා නවතා දමා ඇති බවයි.

එය විශ්වවිද්‍යාල පද්ධතියට අතිශය බරපතළ ලෙස බලපානා බවත් එහෙයින් වහාම අදාළ ලිපිය ඉල්ලා අස්කරගතයුතු බවත් පවසන චාරුදත්ත ඉලංගසිංහ, එසේ නොකළහොත් ලබන සතියේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එකතු කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වන බවත් අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: