hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 අප්‍රේල් 17, ප.ව. 2:31



ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාවයේ 09 වැනි දිනටත් අද පැවැත්වෙනවා.

එහි විරෝධතාවේ නිරත පිරිස අද අලුත් ආකාරයේ විරෝධතාවක නිරත වුණා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රොජෙක්ටරයක් හරහා සටන් පාඨ දිස්වන රූපරාමු ප්‍රක්ෂේපණය කිරීමෙන්.

මෙම අඛණ්ඩ විරෝධතාවයේදී තරුණ තරුණියෝ ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට විවිධ අවස්ථා ගෙන හැර දක්වමින් ආලෝක කරමින් ඩිජිටල් විරෝධතාවයක් පළ කළා.

එම ආලෝක ලේසර් කිරණ යොමු කරන ප්‍රොජෙක්ටරය ආරක්ෂක අංශ විසින් වැලැක් වීමටද කටයුතු කර තිබූ බව වාර්තා වුණා.