2025 අප්‍රේල් 08, ප.ව. 6:09
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසින් ඉදිරිපත් කළාය.
එහිදී පැවති ඡන්ද විමසීමේදි ඒකමතිකව එම යෝජනාව සම්මත විය.
විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් යෝජනා කළාය.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19