hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2026 මාර්තු 08, පෙ.ව. 12:08



ජනාධිපති අනුර දිසානායකට සිය රට හුණ්ඩුවක් සේ පෙනෙන්නේ ඔහුගේ පෞද්ගලික දුර්වලතා නිසා බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර සමුළුවලට ගිය අවස්ථාවල රාජ්‍ය නායකයෙකු ලෙස කිසිවෙකු ගණන් නොගන්නා බවත් ඊට හේතුව ඔහු එම සමුළුවල පෙන්වන ප්‍රකාශන හැකියාව, දැනුම සහ පෞර්ෂත්වය පිළිබඳ ගැටලුවක් බවද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ෆීලික්ස් ඩයස්, සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ලක්ෂ්මන් කදිරගාමර්, මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වැනි නායකයන් සන්නිවේදන හැකියාව, පෞර්ෂත්වය සහ පුද්ගල සබඳතා ඔස්සේ ජාත්‍යන්තරය තුළ ඉතා ඉහළින් කැපී පෙනුණු බවත් ඔහු පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 193 අතර මානව සංවර්ධන දත්ත අනුව ලංකාව 78 වන ස්ථානයේද විශාලත්වය අනුව ලොව රටවල් 197 අතර ලංකාව 120 වැනි ස්ථානයේද ජනතාවගේ ක්‍රය ශක්ති දර්ශකය අනුව ලංකාව 111 වන ස්ථානයේද පසුවන නිසා රට හුණ්ඩුවක් ලෙස හැඳින්විය නොහැකි බවද ගම්මන්පිල ප්‍රකාශ කරයි.

කෙසේ වුවද අනුර දිසානායක ජනාධිපතිවරයා රට හුණ්ඩුවක් යැයි කීවේ අවංකවම බවත් ඒ ඔහුගේ පෞර්ෂය පිළිබඳ ගැටලුවක් මිස රටේ ගැටලුවක් නිසා නොවන බවත් ඔහු සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: