2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 9:37
අංශ කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල යටතේයි.
මේ අනුව විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන් මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවා බවට තවදුරටත් පත් වනවා.
එසේම රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සහ අනෙකුත් රෝගීන්ගේ නඩත්තුව, පිළිගැනීම , රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම කාර්යක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා වන බවයි මෙම ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06