hit counter

2025 මැයි මස 19 වන සඳුදා

2023 මැයි 26, පෙ.ව. 12:08



මෙරටින් හමු වූ බව කියන ලෝකයේ විශාලතම මැණික් ගල සම්බන්ධ තක්සේරු කිරීම්වලදී විශාල රැවටීමක් සිදුකර ඇති බවට කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වුණා.

කෝප් කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා මහතා එහිදී පැවසුවේ, එම සිද්ධිය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතුකර ඇති ආකාරය ඔවුන්ගේ වෘත්තීය ගරුත්වයට පවා නුසුදුසු බවයි.

එහිදී ඔහු විසින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන සේවා අධ්‍යක්ෂවරයාගෙන් දස ලක්ෂයකට තක්සේරු කරන ලද මැණික් පාෂාණය නොවිකුණු බවත්, එවැනි පොකුරු හැම තැනකම තිබෙන බව තමන්ට සැලවී තිබෙන බවයි.

එමෙන්ම ඔහු ප්‍රශ්න කළේ එවැනි ව්‍යාජ මවාපෑමක් සිදුකළ හේතුව කුමක්ද යන්නයි.

එහිදී පිළිතුරු දුන් අපනයන සේවා අධ්‍යක්ෂ අමල් තෙන්නකෝන් ප්‍රකාශ කළේ එම මැණික් පොකුර කපා ඔප දැමීමේ සුදුසු මට්ටමක නොමැති බවත් එලෙස මුදලක් දක්වා ඇත්තේ එහි රක්ෂණ වටිනාකම පමණක් වන බවයි.