hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූනි 23, ප.ව. 2:25



16 හැවිරිදි බාල වයස්කාර දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍කොස්ගම ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් කඩයට යන බවට සිය පුංචි අම්මාට පවසා, මිතුරියකගෙන් රුපියල් 300ක් ඉල්ලාගෙන සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති අතර එහිදී ඇය සිය පෙම්වතාගේ නිවසට ගොස් ඔහු සමග ලිංගිකව එක්ව ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

පසුව පෙම්වතා අදාළ දැරියව සිය යතුරුපැදියෙන් හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයෙන් බස්වා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට දන්වා ඇත්තේ පෙම්වතිය සමග කතාකර අවශ්‍ය තැනකට රැගෙන යන ලෙසයි.

ඒ අනුව, ඔහුගේ මිතුරන් දෙදෙනෙකුද හංවැල්ල ආටිගල ප්‍රදේශයට යතුරුපැදියකින් පැමිණ අදාළ දැරිය සමග කතා කර ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින සුසාන භූමියකට රැගෙන ගොස් ඇය සමග ලිංගිකව එක්වී ඇති අතර ඉන් පසුව ඔවුන්ගේ මිතුරන් තිදෙනෙකුද පැමිණ ඇයව දූෂණයට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

එහිදී ඔවුන්ගේ තවත් මිතුරෙකු මාර්ගයේ රැඳී සිටිමින් ඔත්තු බලා ඇති අතර ඉන් පසුව ඇයව එම ස්ථානයට රැගෙන ආ තරුණයෙකු නැවත වතාවක් ඇයව හංවැල්ල ආටිගල හංදියට ගෙනැවිත් දමා ගොස් ඇති බව පැවසේ.

දැරියට නිවස කාර යෑමට මුදල් ඔවුන්ගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔවුන් විසින් ඇයට රුපියල් 40ක් ලබාදී ඇත.

අනතුරුව දැරිය හඬමින් පාරේ සිටිනු දැක රථ වාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇයගෙන් කරුණු විමසූ අවස්ථාවේ දැරිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත.

පසුව ත්‍රිරෝද රථයක ඇයව නංවාගත් පොලීසිය ඇය සමග අදාළ සිදුවීම සිදුවූ ස්ථානයට යනවිට ඒ අසල වූ දන්සලක් ආසන්නයේ ඇයව රැගෙන ගිය තරුණයෙක් හිඳ ඇති අතර එම අවස්ථාවේදී ඇය ඔහුව පොලීසියට පෙන්වීමෙන් පසුව හංවැල්ල පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු අනෙක් තරුණයන් පිළිබඳ සියලු තොරතුරු පොලීසියට ලබාදී ඇති අතර පොලීසිය පැවසුවේ අද උදෑසන සිද්ධියේ ප්‍රධාන සැකකරු නීතීඥවරයෙකු සමග පැමිණ හංවැල්ල පොලීසියට භාර වී ඇති බවයි.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඔහු සමග ගොස් දැරියව දූෂණය කළ සෙසු සැකකරුවන් පස්දෙනාද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 19ත් 21ත් අතර වයස්වල පසුවන්න් වන අතර ඔවුන් අතර එක් අයෙක් විවාහකයෙක්ද වෙයි.

මේ අතර සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීමට ළමා හා කාන්තා කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත තවත් පොලිස් කණ්ඩායමක් විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහිදී අනාවරණ වී ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීද අදාළ දැරියව ඇයගේ මුල් පෙම්වතා හා ඔහුගේ මිතුරන් පිරිසක් එක්ව දූෂණය කර ඇති බවය.

ඒ අනුව අදාළ සිදුවීම පිළිබඳවද පොලීසිය විමර්ශනයක් සිදුකරයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: