hit counter

2025 ජනවාරි මස 15 වන බදාදා

2024 ජූනි 11, පෙ.ව. 9:51



රසදිය වැනි බැර ලෝහ මෙන්ම ස්ටෙරොයිඩ ඉහළ සාන්ද්‍රණයන් රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන තුළ අන්තර්ගතවන බවට අනාවරණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මේ වනවිට නීතිවිරෝධි, හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන කිසිදු නියාමනයකින් තොරව සමාජය තුළ සංසරණය වීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු උද්ගතවී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ඊට එරෙහිව ඇති නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත් සමේ වර්ණය පැහැපත් කරගැනීම සඳහා ස්ත්‍රී – පුරුෂ සහ වයස් භේදයකින් තොරව වර්තමානයේදී ආලේපන වර්ග භාවිත කිරීම ඉහළ ගොස් ඇති බවද එම සංගමය සදහන් කරයි.

නියාමනයෙන් තොරව නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේපන සහ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය සංකූලතා වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් හානිකර රූපලාවණ්‍ය ප්‍රතිකාර සහ ආලේපන සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බවද සදහන් කරයි.