hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 10, පෙ.ව. 12:32



මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා.

ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් අතර හමුව පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා තානාපතිවරුන් දැනුවත් කර තිබෙනවා.

පවතින තත්ත්වය විසඳා ගැනීමට එම රටවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිය හැකි සහාය ලබාදෙන ලෙස ඉල්ලා තිබෙන ජනාධිපතිවරයා මේ වන විට එම රටවලින් දී ඇති සහාය පිළිබඳ  සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් ඕමාන් තානාපති ජුමා හම්දාන් හසන් අල්-ෂෙහි (Juma Hamdan Hassan Al Shehhi), පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් හම්දල්ලා සෙයිඩ් (Dr. Zuhair Hamdallah Zaid), කුවේට් තානාපති කලාෆ් බූ ධහේර් (Khalaf Bu Dhhair), කටාර් තානාපති ජසීම් ජබේර් අල්-සොරෝ (Jassim Jaber Al- Sorour), ඊජිප්තු තානාපති මැග්ඩ් මොස්ලේ (Maged Mosleh), එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලේඩ් නසර් අල්-අමේරි (Khaled Nasser Al Ameri), ලිබියා තානාපති නසර් වයි.එම්. අල්ෆුර්ජානි (Nasser Y.M. Alfurjani),  සවුදි අරාබි තානාපති (කටයුතු භාර) අබ්දුලේලා ඒ.ඒ. ඔකෝබි (Abdulelah A.A. Orkobi), ඉරාක තානාපති (කටයුතු භාර) මොහොමඩ් ඔබාඩ් ජෙබේර් අල්-මස්වාඩි (Mohammed Obaid Jebur Al Maswadi), චීන තානාපති චි සෙන්හොන්ග් (Qi Zhenhong), දේශපාලන අංශයේ ප්‍රධානි ලුඕ චොන්ග් (Luo Chong) සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay) යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: