hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 30, පෙ.ව. 8:56



රාජ්‍ය සමාගම් 20ක් ඉකුත් 2021 වර්ෂය තුල රුපියල් මිලියන 2,865ක පාඩුවක් ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඉන් ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම, ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය, මාගම්පුර වරාය කළමණාකරණ සමාගම, හොටෙල් ඩිවලොපර්ස් ලංකා යන සමාගම් ඉකුත් වර්ෂය තුල රුපියල් මිලියන 100 ට වඩා වැඩි පාඩුවක් ලබා තිබු බවද විගණන වාර්තාවේ සදහන්.

ඉකුත් වර්ෂය තුල විගණකාධිපතිවරයා වෙත රාජ්‍ය සමාගම් 55ක් විසින් මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබු අතර ඉන් සමාගම් 34ක් රුපියල් මිලියන 41,283ක ලාභයක් වාර්තාකොට තිබුණා.