hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 මැයි 12, ප.ව. 8:57



නැවතත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

ඉදිරියේදී රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවනු ඇති බවත් එය සිදු කළ හැක්කේ නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් පමණක් බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සදහන් කළේ,

” මෙම කාලය තුළදී අපි හැකි අයුරින් රාජ්‍ය සේවකයන්ට සහන ලබාදී තිබෙනවා. ලබන වසරේදී වැටුප් වැඩි කිරිමක් සිදු කිරීම පිළිබඳවද අපේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර 04 දී අප ඉතා අසීරු තත්ත්වයකයි සිටියේ. මෙරට ආර්ථික වර්ධනය ආරම්භ වූණේ පසුගිය වසරේ අවසන් කාර්තු දෙක තුළයි. 2020 වසරේ සිට වසර තුන හමාරක් මේ රටේආර්ථික දියුණුවක් සිදුව තිබුණේ නැහැ. කොවිඩ් වංසගතය මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී තිබුණා.

ඒ වගේම රජයේ සේවකයන්ගේ අසීරුතා හඳුනාගෙන ඔවුන්ට රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීමට කටයුතු කළා. එමඟින් පුද්ගලික අංශයේ සහ වැවිලි අංශයේ වැටුප් වැඩි කිරීමට සංඥාවක් ලබා දීම සිදු වුණා.

පසුගිය යල සහ මහ කන්නවල අපට සාර්ථක වී අස්වැන්නක් ලැබුණා. පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මෙන්ම මෙම වෙසක් උත්සවයේදීත් එම මුදල් නැවත ආර්ථිකයට එක් වෙනවා. මෙවන් තත්ත්වයක් තුළ ලබන වසරේ 3%ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. එහිදී නැවත රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදු කිරීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: