hit counter

2024 ජූනි මස 26 වන බදාදා

2024 ජූනි 18, ප.ව. 12:39



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවැසූවේ පළාත් පාලන ආයතනවල සියලු අස්ථිර සේවකයින් පසුගිය සිකුරාදා සිට ස්ථිර සේවකයින් ලෙස පත්වීම් ලබාදී ඇති බවයි.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

“බරපතළ අර්බුදයකින් පසු ක්‍රමිකව ගොඩ නැඟෙමින් පවතිනා අපේ රටේ ආර්ථිකය කෙමෙන් ලියලමින් පවතිනවා. නමුත්, තවමත් අපට බරපතළ අභියෝග රැසක්නිතිරිව තිබෙනවා. ඒ අතර අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකයට හයියක් වෙන්න අවශ්‍යයි. සියල්ලන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් භුක්ති විදීමේ හැකියාව ඇති කර යුතුයි. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ගේ ආර්ථිකය පියවරෙන් පියවර ගොඩනැඟීමට අවශ්‍යයි.

කොපමණ අමාරුකම් මැද්දේ උවත් රාජ්‍ය සේවකයන්ට ලබා දිය හැකි දීමනා වැඩිකර තිබෙනවා. ඉදිරි අයවැයේදී රාජ්‍ය සේවකයන්ට හා විවිධ ක්ෂේත්‍රවල සේවකයන් තුළ ඒ විශ්වාසය තව තවත් වැඩි කරයි. එමෙන්ම සියලු පළාත් පාලන ආයතනවල අස්ථිර සේවකයන් ගිය සිකුරාදා සිට ස්ථිර සේවකයන් බවට පත්කර අවසන්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: