hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 16, පෙ.ව. 11:05



පසුගියදා පැවති වැඩවර්ජනයේ දී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ඒ අනුව රුපියල් 10,000ක එක්වර දීමනාවක් සහ ප්‍රශංසා සහතිකයක් ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත්, කැබිනට් අනුමැතිය හිමිව තිබෙන මෙම යෝජනාව සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ය.

මේ අතර, පොදු ගමනාගමන සේවා ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ (13) වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර ඇත.

එයට අමතරව මංමාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මංමාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, මීට පෙර පෙබරවාරි මස 13 වන දින ද මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: