hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 ජූලි 26, ප.ව. 2:32



වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටින බවට ලිඛිතව දන්වා ඇති මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනයේ සහ සර්වේයර් ජනරාල් කාර්යාලයේ නිලධාරීන්ගේ ජූලි මස වැටුප නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට සර්වේයර් ජනරාල් ඩබ්ලිව් සුදත් එස් සී පෙරේරා අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව අදාළ කාලය තුළ මැනුම්පතිවරයා පැවරූ රාජකාරී මිනින්දෝරු සංගමයේ සාමාජිකයන් ඉටුකර නොමැති බවට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ මැනුම්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබුණා.

ඒ, නැවත දැනුම් දෙන තුරු මෙසේ අදාළ නිලධාරීන්ගේ ජූලි මස වැටුප අත්හිටුවීමට කටයුතු කරන ලෙසයි.

කෙසේ වෙතත් මේ වන විට සතුටුදායක ප්‍රගතියක් ලබාදී ඇති බවට තමා අධීක්ෂණ නිලධාරියා විසින් තහවුරුවක් ලබාදුන් විගස ඔවුන්ගේ වැටුප් කඩිනමින් ගෙවීමට කටයුතු කරන ලෙසද සර්වේයර් ජෙනරාල්වරයා දැනුම් දී තිබෙනවා.

ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ලිපියක් මගින් දැනුම් දී තිබුණේ මිනින්දෝරු සංගමයේ සාමාජිකයන් මැනුම්පතිවරයා පවරන රාජකාරී පැහැරහරිමින් කටයුතු කරන අතරතුර ඔවුන්ගේ වැටුප් ද ලබා ගෙන ඇති බවයි.

රාජකාරී නිසි ලෙස ඉටු නොකර වැටුප් ලබා ගැනීම ආයතන සංග්‍රහයේ දෙවන කොටසේ හතලිස් අටවන පරිච්ඡේදයේ පළමු උපලේඛන යටතට ගැනෙන වරදක් බවටයි දැක්වෙන්නේ. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: