hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 03, පෙ.ව. 12:03



විශ්‍රාමික රාජ්‍ය සේවකයින් වෙත දැනට ලබාදෙන රුපියල් 2500ක දීමනාවට අමතරව තවත් රුපියල් 3000ක් එක්කොට රුපියල් 5500ක අන්තර්කාලීන දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ, මෙය එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට ලබාදීමට පියවර ගන්නා බවයි.

මේ අතර, වැඩිහිටි දීමනා, රෝගාබාධ ආධාර, ගොවි විශ්‍රාම වැටුප් ආදී දීමනා මුදල ඉහළ දැමීමට රජය සැලසුම් කර ඇතැයි පසුගියදා දැනුම්දෙනු ලැබුවා.

ඒ අනුව, රජයේ ආරංචි මාර්ග කියා සිටියේ, පිළිකා ආධාර ඇතුළු රෝගාබාධ ආධාර, වැඩිහිටි දීමනා ආදිය රුපියල් 3,000 කින් පමණ ඉහළ දැමීමට නියමිත බවයි.

ඒ අනුව බොහෝ දුරට මෙම අධාර මුදල රුපියල් 5,000 ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති අතර, එම සංශෝධිත මූල්‍යාධාර ඉදිරි සැප්තැම්බර් මාසයේ සිට ලබාදීමට ද රජය කටයුතු කරමින් සිටින බවටයි, තොරතුරු අනාවරණය වන්නේ.

ජීවන වියදම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජය මෙම ක්‍රියාමාර්ගය ගැනීමට නියමිතව ඇත.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා හේතුවෙන් බදු ප්‍රතිශත ඉහළ දැමීම ආදී කරුණු නිසා අසාධාරණයට ලක්වන පාර්ශ්ව වෙනුවෙන් සහන සැලසීමට කටයුතු කරන ලෙස ද එම අරමුදල විසින්ම යෝජනා කරයි.

රජයේ ආරංචිමාර්ග කියා සිටින්නේ, මෙම කරුණු සැලකිල්ලට ගෙන මෙම ආධාර මුදල් ඉදිරියේදී ඉහළ නංවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: