hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:02



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) වෘත්තීය සමිති සංගම් නියෝජිත හමුවකදී ය.

තමා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා නම් ලබන ජනවාරියේ සිට අදාළ වැටුප් වැඩිවීම ලබාදීමට සැලසුම් කර තිබූ බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, අදාළ වැටුප් වැඩිවීම වත්මන් ආණ්ඩුවට දිය නොහැකි නම් ඊට වෙන් කෙරුණු මුදල්වලට සිදුවූයේ කුමක්දැයි ආණ්ඩුව වහා හෙළි කළයුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

මෙම සාකච්ඡාව කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී පැවැත්විණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: