2024 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:08
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට මතුවී ඇති ගැටලුවලට තිරසර විසදුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව ඊයේ (03) පැවැති කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.
ඒ අනුව සංවර්ධන නිලධාරින් 15,800කට අධික සංඛ්‍යාවක් ජාතික පාසල්වල සහ පළාත් පාසල්වල ඉගැන්වීම්වල නිරතව සිටින අතර සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම, කාර්යසාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන, එම ගැටලු විශ්ලේෂණය කර ඒ සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට නියමිතයි.
අමාත්‍යවරුන් / නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහායවීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළා.
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:20
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:13
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:10
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:09
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
12-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25