2025 අප්‍රේල් 10, පෙ.ව. 12:08
අයවැය යෝජනා අනුව සංශෝධිත රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස 10 වන දිනට ලබා දීමට අපොහොසත් වන්නේ නම් අදාළ හිඟ වැටුප අප්‍රේල් 25 වන දින ලබා දිය යුතු බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත්තේ රජයේ නිලධාරීන්ට ගෙවිය යුතු අප්‍රේල් මස වැටුප එම මස 10 වන දින ගෙවීමට කටයුතු කළ යුතු බවයි.
කෙසේවෙතත්, කිසියම් පිළිගත හැකි හේතුවක් මත එදිනට ඉහත සඳහන් වක්‍රලේඛ විධි විධාන ප්‍රකාරව සංශෝධිත වැටුප සිය කාර්ය මණ්ඩලය සඳහා ගෙවීමට අපොහොසත් වුවහොත් අප්‍රේල් මාසය සඳහා ගෙවිය යුතු වැටුපෙහි හිඟ මුදල අප්‍රේල් 25 වන දින ගෙවීමට කටයුතු කළ යුතු බවට එමඟින් උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව, අප්‍රේල් 10 වන දිනයේදී රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ට අයවැය මඟින් වැඩි වූ වැටුප නොමැතිව ඔවුන්ට දැනට හිමි වැටුපම ලැබීමට වඩාත් ඉඩකඩ පවතිනවා.
මේ අතර, අයවැය මඟින් වැඩි වූ වැටුප් කොටස ඊයේ (09) දිනයේ විශ්‍රාම වැටුප් ලබා ගත් ඇතැම් පිරිසකට නොලැබී ඇති බවද වාර්තා වෙනවා.
2026 පෙබරවාරි 03, ප.ව. 8:20
2026 පෙබරවාරි 03, ප.ව. 8:09
2026 පෙබරවාරි 03, ප.ව. 4:17
2026 පෙබරවාරි 03, ප.ව. 4:07
2026 පෙබරවාරි 03, ප.ව. 3:59
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26