2025 මැයි 17, පෙ.ව. 12:19
 
            
අමාත්‍යංශ හා රාජ්‍ය ආයතනවල පිහිටවූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන්ට නිරීක්ෂණයට හැකියාව ලැබෙන සේ එම අභ්‍යන්තර ඒකක නියාමනය සඳහා පද්ධතියක් පිහිටුවීමට නියමිතයි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය විසින් ඊට ප්‍රතිපාදන සපයනු ඇති.
නව පද්ධතිය ආරම්භ කිරීමත් සමග එම ඒකකවලට පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවේ සිට ඊට ප්‍රතිචාර දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම දක්වා වන ක්‍රියාවලිය නියාමනයට හැකියාව ලැබෙන බව අල්ලස් කොමිසම සඳහන් කළා.
කොමිසම සඳහන් කළේ, මේ තුළින් සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම සාධාරණය ඉටු කිරීමට හැකියාව ලැබෙන බවයි.
රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා වැලැක්වීම හා ඒවා වර්තාකිරීමත් ඊට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීම සඳහාත් අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවා තිබෙනවා.
අමාත්‍යංශ සියල්ලේ හා තෝරාගත් රාජ්‍ය ආයතන 40ක පළමු අධියරේදී එම අභ්‍යන්තර ඒකක පිහිටුවීමට පියවර ගැනුණේ ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකින්.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25