2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:06
දෙසැම්බර් මාසය වන විට හෙද සිසුන් 2650 ක් බඳවා ගැනීමට නියමිතව තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව මෙරට හෙද විදුහල් දාහතක හෙද ආචාර්යවරුන් 216 ක් මෙන්ම පුහුණුව ලබන සිසුන් පන්දාහක් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙද විදුහල්වල පවතින ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති හමුවකදී ඔහු මේ බව පැවසීය.
දැනට සිටින හෙද ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවන බැවින් තවත් හෙද ආචාර්යවරුන් 175 ක අවශ්‍යතාවයක් පවතින බව ද එහිදි අනාවරණය විය.
ඒ පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා නතර කර ඇති හෙද ආචාර්යවරුන් බඳවා ගැනීම කඩිනමින් ආරමිභ කර ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති පිරිස් වෙනුවෙන් ඉදිරි මාස දෙක ඇතුළත විභාග පවත්වා බඳවා ගැනීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:08
10-11-25
10-11-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
09-11-25
08-11-25
08-11-25
08-11-25
08-11-25
08-11-25
08-11-25
08-11-25
08-11-25
07-11-25
07-11-25