hit counter

2025 නොවැම්‍බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්‍බර් 10, පෙ.ව. 12:13



රජයේ පිළිගත් තනතුරක් වන අධිකරණ සේවයේ මහේස්ත්‍රාත් තනතුර සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කිරීමට අධිකරණ සේවා කොමිසම් සභාව තීරණය කර තිබෙන බවට වාර්තාවේ.

ඒ අනුව අධිකරණ සේවයේ දෙවන පන්තියේ පළමු ශ්‍රේණියේ මහේස්ත්‍රාත් තනතුර සඳහා වන සුදුසුකම් මේ අයුරෙන් සංශෝධනය වේ.

ඒ අනුව එම තනතුර සඳහා සුදුසුකම් ලැබීමට සම්පූර්ණ කළ යුතු කරුණු හතරක් පිළිබඳව දැනුම් දී ඇත එම කරුණු හතර පහතින් දැක්වෙයි.

වසර 03කට නොඅඩු කාලයක් ක්‍රියාකාරී වෘත්තියේ යෙදී සිටින හෝ යෙදී සිටි නීතීඥවරයෙකු වීම, නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දී වසර 3කට නොඅඩු සේවා කාලයක් ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, නීති පර්යේෂණ නිලධරයෙකු ලෙස සේවය කර ඇති නීතීඥවරයෙකු වීම අදාළ සුදුසුකම් වේ.

ඊට අමතරව යම් අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් රජයේ ආයතනයක වසර 3කට නොඅඩු කාලයක් නීති නිලධාරියෙකු ලෙස සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද අදාළ සුදුසුකම්වලට අයත් වේ.

යම් සමාගමක හෝ බැංකුවක හෝ ආයතනයක නීති නිලධාරියෙකු ලෙස අවුරුදු 3කට නොඅඩු කාලයක් සේවය කර ඇති සහ එම කාලය තුළ නිරතුරුවම අධිකරණය ඉදිරියේ පෙනී සිටි නීතීඥවරයෙකු වීම ද අධිකරණ සේවයේ දෙවන පංතියේ පළමු ශ්‍රේණියේ මහේස්ත්‍රාත් තනතුර සඳහා සුදුසුකමක් ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කර සිටී.

මීට පෙර අදාළ තනතුර සදහා නීතීඥවරයෙකු ලෙස වසර 4කට නොඅඩු කාලයක් සේවය කර තිබීම සුදුසුකමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ අතර එය වසරකින් අඩුකිරිමට මෙහිදී පියවර ගෙන තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: