2026 ජනවාරි 11, පෙ.ව. 12:25
රාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.
ඒ අනුව අදාළ දැනුම් දීම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.
ඒ අනුව අඳාළ චක්‍රලේඛයේ මෙවර රාමසාන් සමය පෙබරවාරි 19 වන දින සිට මාර්තු 21 වන දින දක්වා පැවැත්වීමට නියමිත බැවින් එම කාල සීමාව තුළ මුස්ලිම් රාජ්‍ය සේවකයින්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩමුර සකස් කර දිය යුතු බව දන්වා ඇති බව සඳහන්.
එසේම නොවැළැක්විය හැකි අවස්ථාවලදී පමණක් විශේෂ නිවාඩු අනුමත කර දෙන ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්.
තවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ රාමසාන් අවසන් වීමට දින 14කට පෙර රාජ්‍ය සේවයේ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ඇති මුස්ලිම් නිලධාරීන් සඳහා උත්සව අත්තිකාරම් ලබාදීමට ද කටයුතු කරන ලෙසයි.
2026 මාර්තු 04, පෙ.ව. 10:51
2026 මාර්තු 04, පෙ.ව. 12:32
2026 මාර්තු 04, පෙ.ව. 12:22
2026 මාර්තු 04, පෙ.ව. 12:19
2026 මාර්තු 04, පෙ.ව. 12:16
04-03-26
04-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26