2023 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 1:15
පළාත් සභා ඇතුළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා මෙම වර්ෂයේ පළමු මාස හතර තුළදී රජය මඟින් දරනු ලැබූ වියදම 4%කින් පමණ අඩුවී ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා.
මෙම වර්ෂයේ මුල් මාස හතරක කාලය තුළදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා වේතන ගෙවීම සදහා රුපියල් බිලියන 303.3ක මුදලක් වැය වී තිබුණා.
එහෙත් ඉකුත් වර්ෂයේ (2022) මෙම කාලසීමාව තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා වේතන ගෙවීමන් සඳහා රුපියල් බිලියන 316.1ක මුදලක් වැයකොට තිබුණා.
ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාවට සාපේක්ෂව මෙම වර්ෂයේ මෙම කාලසීමාව තුළ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදල රුපියල් බිලියන 12.8කින් අඩු වී තිබෙනවා.
ඉකුත් වර්ෂය තුළදී විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව වැඩිවිම, අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කිරීම, රාජ්‍ය අංශයට බඳවා ගැනීම අත්හිටුවිම නිසා වියදම අඩු වී ඇති බව ද ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා.
කෙසේවූවද මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් රුපියල් බිලියන105.9ක වියදමක් දරා තිබූ අතර එය ඉකුත් වර්ෂයේ මෙම කාලසීමාවට වඩා 6.3%ක වැඩිවීමකි.
ගාල්ල – ලලිත් චාමින්ද
2026 මාර්තු 25, පෙ.ව. 12:32
2026 මාර්තු 25, පෙ.ව. 12:23
2026 මාර්තු 25, පෙ.ව. 12:19
2026 මාර්තු 25, පෙ.ව. 12:17
2026 මාර්තු 25, පෙ.ව. 12:12
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26