hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 24, ප.ව. 7:18



කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසන්නේ,ලබන වසරේ අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බවයි.

අද (24) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා,

“අපිට ඕනේ නම් කියන්න තිබුණා ආර්ථිකය බිඳවැටිලා තියෙන්නේ දැන්… තව පොඩ්ඩක් ඉවසන්න…පටි තද කරගන්න කියලා. 2026දී කරන්නම් කියලා තර්කය ගේන්නත් පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. අපි දන්නවා මිනිස්සු ජීවත්වෙන දුෂ්කරතාවය. අනිවාර්යයෙන්ම වැටුප් වැඩිවීමක් බලාපොරොත්තුවෙන්න පුළුවන්. ඒ විස්තර අයවැයෙන් ඉදිරිපත් කරන්නම්.”  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: