2025 පෙබරවාරි 12, පෙ.ව. 12:25
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට ඉකුත් දෙසැම්බර් 30 වැනිදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.
එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු නම් කර ඇත.
ඒ අනූව එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීම පිණිස අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
2025 දෙසැම්බර් 17, ප.ව. 4:11
2025 දෙසැම්බර් 17, ප.ව. 12:12
2025 දෙසැම්බර් 17, පෙ.ව. 10:20
2025 දෙසැම්බර් 17, පෙ.ව. 9:34
2025 දෙසැම්බර් 17, පෙ.ව. 9:09
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25