hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 19, පෙ.ව. 12:11



නවීන ආලෝක පද්ධතියත් සමග එළිය වූ රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ඉතා ම අලංකාර බව ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම පවසයි.

ඒ පිළිබඳ ජනාධිපතිතුමාට, ක්‍රීඩා අමාත්‍යතුමාට සහ ක්‍රිකට් ක්‍රීඩා බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

එදා සීගිරියේ ආශ්චර්ය ගැන කතා කළ අද රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ගැන කතා කරන බව ද බන්දුල සමන් වතුරේගම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

පසුගියදා එම ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරඟයේ විස්තර විචාරයෙහි යෙදන අතර හෙතෙම මේ බව කීය.