2025 ජූලි 26, පෙ.ව. 12:04
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික ජනබලවේග ආණ්ඩුව යටතේ පටන් ගත් එකක් නොවන බව පිළිගන්නා බව අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
මෙම ප්‍රතිසංස්කරණ වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වූ දෙයක් බවද ඇය කියා සිටියාය.
විවාදයට බඳුන්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.
“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදය ඉදිරියටන් දිගටම පවතවාගෙන යන්න අප බලාපොරොත්තු වෙනවා. මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අයිතිය ගැන විපක්ෂයෙන් විවිධ අදහස් මතු වුණා.
අධ්‍යාපන පුතිසංස්කරණ ජාතික ජන බලවේගය පටන් ගත්තඑකක් නොවේ කියලා අප පිළිගන්නවා. මෙය වසර ගණනාවක් තිස්සේ කතා වෙච්ච දෙයක්.
අනෙක ඒ අධ්‍යාපනයේ සංකල්ප දේශපාලන පක්ෂවලට අයත් දෙයක් නෙවෙයි. මේවා ගෝලීය සංකල්ප දැනුම කියන දේට සංකල්ප කියන දේට එක අයිතිකරුවෙක් නෑ අපගේ අර්ධධ්‍යාපන ප්‍රතිපත්තිවලට කිසිවකුත් පෞද්ගලික අයිතියක් දරන්නේ නැහැ.
අධ්‍යාපන පද්ධතියේ බරපතළ ප්‍රශ්න මතු වී තිබෙනවා. එක පැත්තකින් ගුරු අතිරික්තය කතා කරනකොට ඒ හා සමානවම ගුරු හිඟයක් තිබෙනවා.
දිනපතා පාසල් පැමිණීමේ තොරතුරු ගතහොත් 2024 වසරේ 80,591 ක් හරියට පාසල් ඇවිත් නැහැ. අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රශ්නයට උත්තරයක් ලබාදීම සඳහා අප මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා සංකල්ප පත්‍රිකාව නිර්මාණය විය යුත්තේ සාකච්ඡාවක් මඟිනුයි. ඒ සඳහා යෝජනා ලබාදෙන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා”
2025 ජූලි 26, ප.ව. 5:31
2025 ජූලි 26, පෙ.ව. 12:12
2025 ජූලි 26, පෙ.ව. 12:11
2025 ජූලි 26, පෙ.ව. 12:09
2025 ජූලි 26, පෙ.ව. 12:08
26-07-25
26-07-25
26-07-25
26-07-25
26-07-25
26-07-25
25-07-25
25-07-25
25-07-25
25-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
24-07-25
23-07-25
23-07-25