hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2025 මැයි 10, පෙ.ව. 12:09



මෙවර මැතිවරණයෙන් ජනතාව දුන්නේ ආණ්ඩුවේ වේගය මදි කියන පණිවුඩය බව අධිකරණ ඇමත හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ආර්ථිකය මේ වන විට රට තුළ ස්ථාවර මට්ටමකට අපි පත්කර තිබෙනවා. නැවතවතාවක් රට අස්ථාවර වීමට ඉඩ නොතබන ආකාරයෙන්ම ස්ථාවර කිරීමට අපට හැකිවෙලා තිබෙනවා. ඒ නිසා තමයි තහනම් කර තිබූ වාහන ආනයනයට නැවතආනයනය කිරීමට අවස්ථාව දුන්නේ.

පදනමක් නැති දත්ත රැසක් ඉදිරිපත් කරමින් විපක්ෂය ආණ්ඩුව විවේචනය කරනවා. අපට වැරදුණු තැන් තිබේ නම් ඒවා නිවැරැදි කර ගැනීමට අපි කටයුතු කරනවා. පළාත් පාලන ආයතන 267 ක් අපි ජයගෙන තිබෙනවා. ඉතිහාසයේ විශාලම ජය ගත්තේ අපි.

කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් නැහැ. ප්‍රචණ්ඩත්වය කියන වචනයවත් ඇහෙන්නේ නැහැ. ඉතාම සාමකාමී මැතිවරණ පැවැත්වීමට අපිට හැකිවෙලා තිබෙනවා. කියපු දේ ඉටු කළ පක්ෂයක් නිසා ජනතාව අපට ජයග්‍රහණය දුන්නා.

ඒ ජයග්‍රහණය දෙන ගමන් අපට පණිවුඩයකුත් දුන්නා. ඒ පණිවුඩය තමයි ආණ්ඩුව ස්ලෝ වැඩියි. මීට වඩා ඉක්මනට වැඩ කරන්න ඕන කියන පණිවුඩය ජනතාව අපට දුන්නා. අපි ඒ බව තේරුම් ගත්තා. අපි දැන් ඒ අනුව වැඩ කරනවා.

පළාත් පාලන ආයතනවල අපි බලය පිහිටුවා රටට වැඩ කරනවා. ජාතික මැතිවරණ වලදී සහ ප්‍රාදේශීය මැතිවරණ වලදී හැසිරෙන විදිහ වෙනස්.

විපක්ෂයටත් පණිවුඩයක් දුන්නා. එක්කෝ නායකයන් මාරු කර ගන්න නැත්නම් දේශපාලනය නවත්වන්න කියලා. ඒ බව විපක්ෂය තේරුම් ගන්න. අපට සභිකයන් 4000කට ආසන්න සංඛ්‍යාවක් පත් වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: