hit counter

2025 ඔක්‍තෝබර් මස 21 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 21, ප.ව. 2:46



අතපසුවීමකින් සිය වත්කම් බැරකම් ප්‍රකාශයේ දිවුරුම් කොමසාරිස්වරයෙකුගේ අත්සන යෙදීමට නොහැකි වූ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඊයේ (20) හෙතෙම මේ බව කීය.

“මාස එකහමාරකට දෙකකට කලින් මාධ්‍යවල යද්දි තමයි මමත් දැනගත්තේ. මම අත්සන් කරලා තියෙනවා. නමුත් ජේපී කෙනෙක් අත්සන් කරලා නෑ. ඒ අතපසු වීමේ වගකීම මම භාරගන්නවා. මම නෙමෙයි ඒවා යවන්නේ නිලධාරීන්. නමුත් මම එහි වගකීම භාර ගන්නවා. මම මනුස්සයෙක්. මම අධිකරණ ඇමති වුණත් කොච්චර කාර්ය බහුල වුණත් අතපසුවීම් වෙනවා. ඒක මම නිවැරදි කරලා ආපසු යැව්වා”

කළිඳු – ඔබේ දේපළවල වර්තමාන වටිනාකම සඳහන් කළ යුතු වුවත් ඔබේ පර්චස් 7.5 නිවසේ වර්තමාන වටිනාකම එහි සඳහන් කර නැහැ? ඒ වගේම ඔබ මිලට ගත් පර්චස් 100ක ඉඩමේ වටිනාකම දක්වා නැහැ?

“ඒක තමයි මම නිවැරදි කරලා ආපසු යැව්වේ. මම ඔබට කලින් කිව්වා නෙ.”

කළිඳු – ඒකත් අතපසු වීමක් ද?

“හරිම ව්‍යාකූල ෆෝම් එකක් මම පිරෙව්වේ. ඉතින් අතපසු වීම් වෙනවා.මට හංගන්න උවමනා නම් ඒ දේපළ ගැන නොලියා ඉන්න තිබුණා නෙ.”

කළිඳු – ඔබ චංචල දේපළ ගැන කිසිවක් එහි සඳහන් කර නැහැ. ඇමති වෙන්න කලින් ඔබ වාහන පැද්දා. දැන් ඒ වාහනත් ඔබේ දරුවන්ට වාහනත් නැද්ද?

“නැහැ. මම ඒක වික්කා. ඒක FD දාලා ඒ පොළියෙන් අද ජීවත් වෙන්නේ. ගෙදර කිසිම වාහනයක් නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: