2023 පෙබරවාරි 03, ප.ව. 1:31
පෙබරවාරී 04 වනදාට යෙදී ඇති නිදහස් දිනය උතුරු නැගෙනහිර ජනතාවට කලු දිනයක් සේ සලකා උතුරු නැගෙනහිර සියලුම වෙළඳසැල් වසා රජයට එරෙහිව හර්තාලයක් ක්‍රියාත්මක කරන ලෙසය යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් නිවේදනයක් මගින් ඉල්ලා සිටිනවා.
යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඒ. විජයකුමාර් ඇතුලු සාමාජිකයින් පිරිසක් විසින් ඊයේ (02) රාත්‍රියේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ශ්‍රවනාගාරයේදී පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පවසා සිටියා.
ශ්‍රී ලාංකික ජනතාව හෙට දිනයේදී නිදහස් දිනය සැමරිය යුතුයැයි රජය විසින් පවසා සිටියද උතුරු නැගෙනහිර ජනතාවට මේ වන විට කිසිදු නිදහසක් හිමි වී නොමැති හෙයින් හෙට දිනයේදී උතුරු නැගෙනහිර සියලු ජනතාව තමන්ගේ නිවස ඉදිරිපිට හෝ මාර්ගයක කලුකොඩියක් ප්‍රදර්ශනය කොට නිදහස් දිනය වර්ජනය කරන ලෙසට විශ්වවිද්‍යාල මහාශිෂ්‍ය සංගමය විසින් ඉල්ලා සිටියා.
එමෙන්ම යුද්දයෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලු, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ නොවිසුඳුනු ගැටලු, දේශපාලනික ගැටලු ආදි ගැටලු රැසක් පැවතියද කිසිදු රජයක් මෙම ගැටලු වෙනුවෙන් මෙතෙක් විසඳුමක් ලබා නොදීම හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට පිළිගත හැකි විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරියටත් අඛණ්ඩ අරගලයක යෙදෙන බවටද මහාශිෂ්‍ය සංගමය පවසා සිටිනවා.
මේ හේතුවෙන් උතුරු නැගෙනහිර සියලු වෙළඳ සංගම්, බස් සංගම් ඇතුලු සියලු සිවිල් සංවිධාන හෙට දිනයේදී හර්තාලය වෙනුවෙන් සහය ලබාදෙන ලෙසටද යාපනය විශ්වවිදයාල මහාශිෂ්‍ය සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06