2024 මාර්තු 10, පෙ.ව. 12:08
පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිය හැකි බව අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක සඳහන් කළේ හිරු එළිය සෘජුවම ඇසට පතිත වුවහොත් එහි සෛලවලට හානිවී ඇසේ පෙනීමට පවා බාධා ඇතිවිය හැකි බවයි.
එසේම ඇසේ සුද නැමැති රෝග තත්ත්වයද ඉහළ යා හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර ප්‍රදේශ කිහිපයක, මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී ද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, වයඹ, දකුණු හා උතුරු මැද සහ පළාත්වලත් මොනරාගල, රත්නපුර, මන්නාරම, වවුනියා මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙහිදි ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
2025 මැයි 10, පෙ.ව. 12:15
2025 මැයි 10, පෙ.ව. 12:14
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:13
2025 මැයි 10, පෙ.ව. 12:10
10-05-25
10-05-25
09-05-25
09-05-25
09-05-25
09-05-25
08-05-25
08-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
04-05-25
04-05-25