hit counter

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 01, පෙ.ව. 12:00



දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (01) දිනයේ අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, දකුණ, වයඹ, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට එලෙස උණුසුම් සහිත කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකියි.

එමෙන්ම රත්නපුර, මොනරාගල, මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය කෙරෙහි අවධානය යොමුකළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම සහ වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඇතුළු උපදෙස් පිළිපදින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: