hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2025 පෙබරවාරි 20, පෙ.ව. 12:16



දිස්ත්‍රික්ක රැසකට මේ දිනවල බලපා ඇති උෂ්ණාධික කාලගුණික තත්ත්වය මැයි මාසය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

මෙම තත්ත්වයත් සමග ජල මූලාශ්‍රයන්ගේ ජල මට්ටම පහත බසිමින් පවතින හෙයින් පානීය ජල සැපයුම සීමාසහිත විය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ද පවසයි.

ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 36.6 වැඩිම උෂ්ණත්වය රත්නපුරයෙන් වාර්තා වී තිබුණි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල උණුසුම් දර්ශක ”අවධානය යොමුකළ යුතු” මට්ටමක පවතින බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා,

“මෙම තත්ත්වය අපි ඉදිරි දින 2 තුළත් අපේක්ෂා කරනවා. ඉන් පසුව තරමක වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා. 24,25,26,27 වගේ. මේක තාවකාලික තත්ත්වයක්.” 

“ඉදිරි මාස ගත්තොත්… මාර්තු සහ අප්‍රේල් මාසවල උණුසුම් කාලගුණ තත්ත්වයේ වර්ධනයක් තමයි වෙන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: