2025 ජූනි 09, පෙ.ව. 12:05
අපිට සමහර දිනවල පරිසරය තුළ තද රස්නයක් හට ගැනෙන බව පෙනෙන්නට ඇත. මෙවැනි උණුසුම් දිනවලදී, බාහිර උෂ්ණත්වයත් සමඟම ශරීරය තුළ ඇතිවන අභ්‍යන්තර උෂ්ණාධික බවත් එකට සමීකරණය වීම අපහසුතා බහුල තත්වයන්ට ගෙන යා හැකිය.
ඌෂ්ණාධිකම යනු කුමක්ද? ඌෂ්ණාධිකම (Heatiness) හෙවත් “දාහය” යනු ශරීරය තුළ උණුසුම අධික වීමකි.
මෙය සෑදෙන්නේ:
අභ්‍යන්තර හේතු – ශරීරයේ ජීවවිද්‍යාත්මක ක්‍රියාවලීන්වල දෝෂ.
බාහිර හේතු – අප විසින් ගන්නා ආහාර, පාන, ඖෂධ ආදී හේතු.
විශේෂයෙන්ම කාන්තා රෝග රැසකට මූලිකව බලපාන්නේ මෙම දාහයයි.
ඌෂ්ණාධිකමෙන් ඇතිවන රෝගී තත්ත්ව:
අධික දාහය සහ දැවීමක් දැනීම යටිපතුල් දැවිල්ල සහ වේදනාව මුහුණේ බිබිලි සහ ලප අත-පය රුදාව සහ හිරිය බඩෙහි ගෙඩි හටගැනීම.
ශරීරය සිසිල් කිරීමට උපකාරී ආහාරපාන:
තැම්බූ වතුර ලෙස: නෙල්ලි, රසකිඳ හාතවාරිය අල, ඉරමුසු, සැවැන්දරා කොත්තමල්ලි, වෙනිවැල්ගැට අශෝක පොතු, ඉඟිනි ඇට, සුදු හඳුන් බාර්ලි සහ සව් කැඳ රණවරා, කොහොඹ පොතු, දුම්මැල්ල, අරළු අමු නෙල්ලි යුෂ + උණු කළ එළකිරි + අළුකෙසෙල් + සූකිරි + මීපැණි
පෝෂණමය කැඳ සහ ව්‍යාංජන: පොල්පලා කැඳ නීරමුල්ලිය / වැල්පෙනෙල කැඳ පතෝල, වැටකොළු, කතුරුමුරුංගා ගැටපොලොස්, කොහිල අල, කිරිඅගුණ පිපිඤ්ඤා සහ හතු සමඟ සුප් බත් කැඳ (ඉඟුරු සහ සුදුළූණු එක් කිරීමෙන් වැඩි ගුණය) මුං ඇට තැම්බූ වතුර මෙම ආහාරපාන වලින් ශරීරය සිසිල් කර ගැනීමටත්, දාහය හේතුකොටගෙන ඇතිවන රෝගයන් අවම කිරීමටත් උපකාරී වේ.
විශේෂයෙන්ම ළදරුවන්, ගර්භණී මව්වරුන් සහ දුබල සෞඛ්‍ය තත්ත්වයකින් පීඩා විඳින අය සඳහා මෙම ආහාර ක්‍රම ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
2026 මාර්තු 12, පෙ.ව. 12:23
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:17
2026 මාර්තු 12, පෙ.ව. 12:16
2026 මාර්තු 12, පෙ.ව. 12:14
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26
11-03-26
11-03-26
10-03-26
10-03-26
09-03-26
09-03-26
09-03-26
09-03-26
08-03-26
08-03-26
08-03-26
08-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
05-03-26
05-03-26