hit counter

2026 ජනවාරි මස 11 වන ඉරිදා

2026 ජනවාරි 12, පෙ.ව. 12:13



මෙරට වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලබයි.

ඉන්ෆ්ලුවන්සා A හා B මෙන්ම ඉන්ෆ්ලුවන්සා නොවන වෛරස් රෝගවල ව්‍යාප්තිය ද හදුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක මහතා සදහන් කර තිබේ.

තවද එතුමා සදහන් කළේ මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බවයි .

ඒ අනුව වසරේ ගතවූ දින 09 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, 2170 කි.

  ඒ වගේම ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කර තිබෙනුයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41 ක ඩෙංගු අවධානම් තත්ත්වයක් පවතින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: