2024 අගෝස්තු 29, පෙ.ව. 12:04
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ තරුණ විවාහක පිරිස් සඳහා නව නිවෙසක් මිල දී ගැනීමට හෝ නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය පහසුකම් සලසන බව එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.
ඒ පිළිබඳව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළු කර ගෙන තිබෙන අතර ඒ අනුව නාගරික ප්‍රදේශවල මහල් නිවාස ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරීම හා ඒ සඳහා අවශ්‍ය ඉඩම් රජයෙන් ලබා දීමටත් නාගරික මහල් නිවාස ව්‍යාපෘතිය සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ආයෝජන දිරිගැන්වීම ද සිදුකරන බව දිසානායක මහතා සඳහන් කළේ ය.
විශේෂයෙන් ම, නිවෙස් ඉදි කිරීම සඳහා වන ඉඩම අයිතිය පිළිබඳ ගැටලු විසඳීම සඳහා වන ඉඩම් පනත සංශෝධනය කිරීමටත් පදිංචි ප්‍රදේශවල ද ප්‍රවේශ මාර්ග පහසුකම් පුළුල් කිරීම හා නිවාස ඉදිකිරීම සඳහා නිවාස ණය යෝජනා ක්‍රමයක් ලබා දෙන බව ත් ඔහු පැවසීය.
රාජ්‍ය නිලධාරීන් සඳහා සේවා ස්ථානය සමීපයේ නිල නිවාස ලබා දීමේ වැඩසටහන් ආරම්භ කරන බව පැවැසූ දිසානායක මහතා පෙන්වා දුන්නේ කොළඹ නගරයේ මුඩුක්කු සහ පැල්පත් නිවාසවල ජීවත්වන ජනතාවට රාජ්‍ය මැදිහත්වීමෙන් සුදුසු නිවාස ලබාදීමටත් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල සෞඛ්‍ය අධ්‍යාපන, ක්‍රීඩා ප්‍රවාහන උද්‍යාන ආදී පහසුකම් සහිත අංග සම්පූර්ණ නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට සූදානම් බව ය.
කඳුකර ප්‍රජාවගේ නිවාස හා ජලය ඇතුළු සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට මූල්‍ය හා යටිතල පහසුකම් සපයන අතර ප්‍රජාවට ස්ථිර නිවෙසක් තනා ගැනීම සඳහා ඉඩම් ලබාදීමත් වතු ආශ්රිත ප්‍රදේශවල නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරට ත් පැවසීය.
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:06
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24
21-12-24