hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 ජනවාරි 06, පෙ.ව. 12:07



අතරමග නතර කර ඇති නිවාස යෝජනා ක්‍රමවල ඉදිකිරීම් යළි ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ, සෑම පුද්ගලයෙකුටම නිවසක හිමිකම ලබාදීමයි.

ඒ අනුව ප්‍රමුඛතාව මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

මේ වන විට සුව පහසු නිවාස හිමිකමක් නොමැති පුද්ගලයින් මිලියනයකට ආසන්න පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

ඉන්, 65,000 ක් සිටින්නේ කොළඹ නාගරික සීමාවේ ජීවත් වන බව සඳහන්.

ඒ අනුව අදාළ ප්‍රදේශ ආවරණය වන පරිදි නිවාස ව්‍යාපෘති දියත් කිරීමට නියමිතයි.

ඒ සඳහා ජන හා නිවාස සංගණනයේ දත්ත පදනම් කරගැනීමට ද සැළසුම් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: