hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 21, පෙ.ව. 12:08



පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහා හැඳුනුම්පත් මුද්‍රණය කිරීම පිණිස අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන පහක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ප්‍රතිසම්පාදනය සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රතිසම්පාදන කමිටුවේ නිර්දේශය සහ ඒ පිළිබඳ වන ප්‍රතිසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් එකී ප්‍රතිසම්පාදනය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකිවන පරිදි නව ප්‍රතිසම්පානයක් ක්‍රියාත්මක කර සුදුසු සැපයුම්කරුවකු තෝරා ගනු ලබන තෙක් පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ් පත් අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් පෙර සැපයුම්කරුගෙන් නැවත ඇනයුමක් වශයෙන් ලබා ගැනීම සඳහාත් එම අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා.

ඒ අනුව පෙර සැපයුම්කරු වෙතින් මිලදී ගතයුතු කාඩ්පත් ප්‍රමාණය සම්බන්ධයෙන් අදාළ නිර්දේශය ලබා ගැනීමට හා සැපයුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන මිල යෝජනාව ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ ඇත.

එකී කමිටුවල නිර්දේශ මත පදනම්ව පෙර සැපයුම්කරු වන just in time technologies වෙතින් නැවත ඇනවුමක් වශයෙන් පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන දෙකයි දශම තුනක් මිලදී ගැනීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: