hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:02



ඩිජිටල් හැදුනුම් පත ලබන ජනවාරියේ සිට නිකුත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

රුපියල් බිලියන හතරක ඉන්දීය ප්‍රදානයක් ලෙස නිකුත් කෙරෙන මෙම හැදුනුම්පතට පුද්ගලයාගේ ජෛව තොරතුරු වන ඇසේ කළු ඉංගිරියාව, ඇඟිලි සලකුණු සහ ලේ වර්ගය පිළිබඳ දත්තයන්ද ඇතුළත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

මීට ඉහත ඩිජිටල් හැදුනුම්පත ඉල්ලුම් කරද්දී ජීව දත්ත තොරතුරු 76ක් ඉල්ලා තිබුණද නව ඩිජිටල් හැදුනුම්පත ලබා ගැනීම සඳහා අවශ්‍ය කරනුයේ ජීව දත්ත තොරතුරු හයක් පමණක් වීම ද විශේෂත්වයක්.

ඒ අනුව, අලුතින් ඩිජිටල් හැඳුනුම් පතක් ඉල්ලුම් කරද්දී නම, ලිපිනය , උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය ,දුරකථන අංකය මෙන්ම ඊමේල් ලිපිනයක්ද ලබාදිය යුතුව තිබේ.

රජයේ අරමුණ වී තිබෙන්නේ, අලුතින්ම හැදුනුම්පතට ඉල්ලුම් කරන්නන් හට මෙම නව ඩිජිටල් හැඳුනුම්පත ලබාදී ඉන් පසුව ක්‍රමක්‍රමයෙන් සමස්ත ප්‍රජාවටම ඩිජිටල් හැඳුනුම් පත ලබාදීමයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: