hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 9:23



හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 400 දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව 2016 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රයේ සඳහන් මිල අහෝසි කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මීට පෙර ඒ සඳහා අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් 150ක් වුණි.

හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීමේ දී අයදුම්කරුවන් ලියාපදිංචි ඡායාරූප ශිල්පියෙකු විසින් ලබා ගත් ඡායාරූප මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ යුතු වෙනවා.

මේ අතර ලබන ජනවාරියේ සිට ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඒ යටතේ අලුතින් හැඳුනුම්පත් සඳහා ඉල්ලුම් කරන්නන් වෙත ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරන අතර පසුව ක්‍රමයෙන් සමස්ත ප්‍රජාවට ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

මේ අතර මෙරට ආර්ථික අර්බුදයට මෙරට තාක්ෂණයේ ඇති අඩුව ද එක් හේතුවක් වී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: