2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:13
සහනාධාර පදනම මත කිලිනොච්චි දිස්ත්රික්කයේ තෝරාගත් ධීවරයින් 19 දෙනෙකුට බෝට්ටු ප්රදානය කිරීම සහ ධීවරයින් 20 දෙනෙකුට නව හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.
එහි අරමුණ ධීවර කර්මාන්තය නඟාසිටුවීම සහ ස්වාභාවික ආපදා නිසා පීඩාවට පත් ධීවර ප්රජාවගේ ජීවනෝපාය යළි නඟාසිටුවීම බව සඳහන්.
ඒ අනුව ‘දිට්වා’ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ධීවරයින්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීමට ක්රියාත්මක සහන වැඩසටහන යටතේ, තට්ටුවන්කෝට්ටි ප්රදේශයේ ධීවරයින් ඇතුළු තෝරාගත් ධීවරයින් 19 දෙනෙකුට මෙසේ බෝට්ටු ප්රදානය කර ඇත.
එසේම ධීවර හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්රියාවලිය වඩාත් විමධ්යගත කර කාර්යක්ෂම කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබෙන බව සඳහන්.
ඒ අනුව මෙතෙක් කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයෙන් පමණක් මුද්රණය කර නිකුත් කළ ධීවර හැඳුනුම්පත්, ඉදිරියේදී කිලිනොච්චි දිස්ත්රික්කය තුළදීම මුද්රණය කර නිකුත් කිරීමේ පහසුකම මේ යටතේ ස්ථාපිත කර ඇති බව සඳහන්.
ඒ අනුව මෙම නව ක්රමවේදයේ පළමු අදියර යටතේ කිලිනොච්චි දිස්ත්රික්කයේ ධීවරයින් 20 දෙනෙකුට නව හැඳුනුම්පත් පිරිනමා ඇත.
එබැවින් හැඳුනුම්පත් ලබා ගැනීමට කොළඹට පැමිණීමට සිදුවීමෙන් වැය වන කාලය සහ මුදල් ඉතිරි කරගනිමින්, දිස්ත්රික් මට්ටමින්ම අදාළ සේවාව පහසුවෙන් ලබා ගැනීමට ධීවරයින්ට අවස්ථාව හිමිවන බව ධීවර කටයුතු පිළිබඳ අමාත්යාංශය පවසයි.
එසේම මෙම වැඩපිළිවෙළෙහි ප්රධාන අරමුණ ධීවර ප්රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම, ධීවර කර්මාන්තය තවදුරටත් ප්රවර්ධනය කිරීම සහ රාජ්ය සේවාවන් ජනතාවට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ලබාදීම බව සඳහන්.
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:09
20-10-26
20-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
24-09-26
24-09-26
13-09-26
13-09-26
11-09-26
11-09-26
08-09-26
08-09-26