2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:09
මහා සංඝරත්නය පසුගිය දින කිහිපයේදී අවිහිංසාවාදීව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද, ඊට ජනාධිපතිවරයා ප්රතිචාර දැක්වූ ආකාරය භයානක ප්රවණතාවක් පෙන්නුම් කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (19) සංවිධානය කළ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
පොලිසිය සහ පක්ෂ ක්රියාකාරීන්ගේ බලය යොදාගනිමින් අදාළ උද්ඝෝෂණ විසුරුවා හැරීමට හා මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවට චෝදනා කළ රණවක මහතා, අවසානයේ නගරාධිපතිවරියක් යොදාගෙන පොදු පහසුකම් වන වැසිකිළි පවා වසා දැමූ තත්ත්වයක් නිර්මාණය වූ බව ද ප්රකාශ කළා.
මින් ඉදිරියට උද්ඝෝෂණ පැවැත්වීමට හැකිවන්නේ පැලවත්තේ අනුමැතිය ලැබුණහොත් පමණක්ද යන ප්රශ්නය මතු වන බව පැවසූ ඔහු, එය ඉතා භයානක ප්රවණතාවක් බව අවධාරණය කළා.
යහපාලන ආණ්ඩු සමයේදී පමණක් ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ 560කට වැඩි සංඛ්යාවක් පැවැත්වූ බවත්, එම කිසිදු අවස්ථාවකදී මේ ආකාරයෙන් පොලිස් බලය භාවිත නොකළ බවත් රණවක මහතා සඳහන් කළා.
මෙම තත්ත්වය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්ව සිටින දේශපාලන තත්ත්වය පැහැදිලි වන බව ද ඔහු කියා සිටියා.
එමෙන්ම, සමාජ මාධ්ය තුළ අනෙකුත් පුද්ගලයන්ට අපහාසාත්මක සහ අසභ්ය වචන භාවිත කරමින් ප්රතිචාර දැක්වීම ඔවුන්ගේ දේශපාලන සංස්කෘතියේ කොටසක් වී තිබූ බවට ද රණවක මහතා චෝදනා කළා.
කෙසේ වෙතත්, ඊයේ දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කතාවට පෙර නොවූ ආකාරයෙන් විරෝධාත්මක ප්රතිචාර ලැබුණු බව පෙන්වා දුන් ඔහු, මේ හරහා සමාජ මාධ්ය තුළ ද ඔවුන්ට පසුබැසීමට සිදුව ඇති බව පෙනී යන්නේ යැයි වැඩිදුරටත් ප්රකාශ කළා.
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:12
19-10-26
19-10-26
12-10-26
12-10-26
06-10-26
06-10-26
02-10-26
02-10-26
22-09-26
22-09-26