hit counter

2025 නොවැම්‍බර් මස 12 වන බදාදා

2025 නොවැම්‍බර් 13, පෙ.ව. 12:10



ශ්‍රී ලංකාවේ එකතු කළ අගය මත බදු සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු ලියාපදිංචි කිරීමේ සීමාව වසරකට රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීමෙන් එළඹෙන වසරේ වෙළෙඳපොළට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බවට KPMG විගණන ආයතනයේ ප්‍රධානී සුරේෂ් පෙරේරා ප්‍රකාශ කරයි.

ඒ අනුව 2026 අයවැයෙන් මුළු ආදායම රුපියල් බිලියන 5,305ක් වශයෙන් ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් රුපියල් බිලියන 4,850ක් බදුවලින් ද, රුපියල් බිලියන 455ක් බදු නොවන ආදායම් සහ ප්‍රදානවලින් ද අපේක්ෂා කෙරෙන බව සඳහන්.

ඒ අනුව බදු ආදායම ප්‍රධාන වශයෙන් වැට් බදු, බාහිර වෙළඳාම මත බදු සහ සුරාබදුවලින් ලැබෙන අතර, බදු නොවන ආදායමට පොලී ආදායම්, කුලී, ලාභාංශ, ලාභ සහ ගාස්තු ඇතුළත් වේ.

ඒ අනුව KPMG ආයතනයේ හසිත රදැල්ල විසින් අයවැය තුළ ධනාත්මක යෝජනා කිහිපයක් පමණක් ඇති බව ප්‍රකාශ කරයි.

මෙය ආර්ථිකයේ ස්ථාවරත්වය පෙන්නුම් කළද, ආදායම් බදු සියයට 8.5කින් ද, වක්‍ර බදු සියයට 3කින් ද වැඩි කිරීමට රජය සැලසුම් කරන බව ඔහු සඳහන් කළා.

එසේම ඔහු සඳහන් කළේ 2026 අයවැයෙන් යෝජනා කර ඇති අවදානම් මත පදනම් වූ රාමුවක් යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩි විගණන කටයුතු සිදු කිරීමට ඉඩ ඇති බවයි.

ඒ අනුව නවීකරණය කරන ලද බදු විගණන පද්ධතිය 2026 ජනවාරි මාසයේ සිට ඉදිරිපත් කරන ලද වාර්තා සඳහා අදාළ වේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවදානම් කළමනාකරණ ඒකකය මඟින් සිදු කරනු ලබන අවදානම් තක්සේරු මත පදනම්ව සහ අවශ්‍ය නම්, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් පත් කරන ලද කමිටුවක් විසින් සමාලෝචනය කරනු ලබන අවස්ථා තෝරා ගනියි.

කෙසේ වෙතත් මෙම ගැටළු මඟහරවා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිසි ගිණුම්කරණ පද්ධතියක් හඳුන්වා දිය යුතු බවත්, එවිට බදු කාර්යක්ෂමව එකතු කර ගත හැකි බවත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: