hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 31, ප.ව. 3:28



එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) පිළිකා රෝගීන් සඳහා ලොව පළමු වරට එන්නතක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.

එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි පර්යේෂකයෝ පවසනවා.

එරට ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබාදී ඇති අතර මේ වනවිට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා “atezolizumab” ප්‍රතිශක්ති චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන්ට මෙම නව එන්නත ලබාදීමට නියමිතයි.

එහිදී අදාළ ඖෂධය එන්නතක් ලෙස ලබාදීමට නියමිත අතර එමඟින් රෝගියෙක් වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම් වෙන්කරනු ලබන කාලයද සැලකිය යුතු ලෙස අඩුවෙතැයි සඳහන්.

එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය පැවසුවේ සාමාන්‍යයෙන් “atezolizumab” පිළිකා රෝගීන්ගේ නහරයකට කෙළින්ම ලබාදෙන බවත් සමහර අවස්ථාවල නහරයක් සොයාගැනීම අපහසු වුවහොත් එම ඖෂධය ලබාදීම සඳහා විනාඩි 30ත් පැයත් අතර කාලයක් ගතවන බවත්ය.

මෙම එන්නත නිපදවූ Roche සමාගමේ නිලධාරියෙක් පැවසුවේ නව ක්‍රමවේදය යටතේ ඖෂධය ලබාදීමට ගතවන්නේ විනාඩි 7ක් පමණක් බවයි.

වාර්ෂිකව “atezolizumab” ප්‍රතිකාරය සඳහා යොමුකෙරෙන පිළිකා රෝගීන් 3,600ක් පමණ දෙනා අතුරින් බහුතරයකට අදාළ එන්නත සඳහා යොමුවීමට හැකිවෙතැයි එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කළා.