2024 පෙබරවාරි 18, පෙ.ව. 12:17
රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.
මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි.
ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයෙකු වන පියුමා නමැත්තාගෙන් මෙරට කුඩු ජාවාරම් සහ භයානක අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නකොට ඒවා විසඳීමට ක්‍රියාකරන බව ද ඔහු සඳහන් කළා.
එසේ ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවන හරක් කටාට පළා යාමට සහය දැක්වූ දැනට පළා ගොස් සිටින පොලිස් නිලධාරියා ද අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කර සිටියා.
2026 ජනවාරි 15, පෙ.ව. 12:27
2026 ජනවාරි 15, පෙ.ව. 12:24
2026 ජනවාරි 15, පෙ.ව. 12:12
2026 ජනවාරි 15, පෙ.ව. 12:10
2026 ජනවාරි 15, පෙ.ව. 12:10