hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2025 සැප්‍තැම්‍බර් 12, ප.ව. 12:32



මේ අවුරුද්දේ ආණ්ඩුව ලබපු විශාල ජයග්‍රහණයක් තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාව ගෙදරින් එළියට ඇදලා දාපු එක බව ඉරාජ් වීරරත්න සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසින් පිටව යාම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉරාජ් වීරරත්න සඳහන් කළේ,

“මේ අවුරුද්දේ මේ ආණ්ඩුව ලබපු විශාල ජයග්‍රහණයක් මේක. මේ රටට අවුරුද්දක් ඇතුළත ඉන්වෙස්ට්මන්ට් ආවා, සල්ලි ආවා, තෙල් මිල අඩු වුණා, මිනිස්සු අතේ සල්ලි තියෙනවා. කුඩු නැතිවුණා, කන්ටේනර් හරියට චෙක් කරලා ඇතුළට ආවා, චිචීගේ රොකට් එක හොයාගත්තා, මේ අවුරුද්දේ මම හිතන්නේ ඒ කිසි දෙයක් හැම එකකටම වඩා මේ අවුරුද්දේ ලබපු ලොකුම ජයග්‍රහණය තමා මේ රට බේරාගත්ත මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයාව ගෙදරින් එළියට ඇදලා දාපු එක.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: