hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු 08, පෙ.ව. 11:30



ඉන්දීය සාගරය අද ලෝකයේ නිහඬ නමුත් භයානක බල තරඟයක් පවතින කලාපයක් බවට පත්වෙමින් තිබේ. ලෝකයේ ප්‍රධාන නාවික බලවතුන්—ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව සහ අනෙකුත් ප්‍රාදේශීය බලවතුන්—මෙම සාගරය තුළ තම නාවික බලය වර්ධනය කරමින් සිටියි.

මෙවැනි තත්ත්වයක් අතරතුර ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ සිදු වූ IRIS Dena නාවික යාත්‍රා සිද්ධිය ලෝකයටම දැඩි අනතුරු ඇඟවීමක් ලබා දෙන සිදුවීමක් බවට පත්ව ඇත.

මෙය සරල නාවික ගැටුමක් පමණක් නොව, ඉන්දීය සාගරය දැන් ගෝලීය බලවතුන්ගේ රහසිගත නාවික මෙහෙයුම්වල වේදිකාවක් බවට පත්වෙමින් තිබෙන බවට සලකුණකි.

අවි රහිත යාත්‍රාවකට ප්‍රහාරයක්ද?

ආරක්ෂක විශ්ලේෂකයන් අතර දැඩි ලෙස විවාදයට ලක්ව ඇති ප්‍රශ්නයක් වන්නේ:

සටන් මෙහෙයුමක නොසිටි යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කිරීම යුධ අපරාධයක්ද?

Fleet Review සහ නාවික අභ්‍යාස වලදී බොහෝවිට යුධ නෞකා සටන් මෙහෙයුම් නොකරන ceremonial configuration එකකින් ගමන් කරයි.

එවැනි තත්ත්වයක සිටින යාත්‍රාවකට ප්‍රහාරයක් එල්ල කිරීම ජාත්‍යන්තර නාවික නීතිය යටතේ දැඩි විවාදයට ලක්විය හැකි කාරණයක් බව ඇතැම් ආරක්ෂක විශේෂඥයන් පෙන්වා දෙති.

මෙය සත්‍ය නම් එය නාවික යුද්ධ නීති පිළිබඳ ගැඹුරු ප්‍රශ්න මතු කරන සිදුවීමක් බවට පත්විය හැකිය.

බුද්ධි මෙහෙයුම් සහ ප්‍රාදේශීය සැක

මෙම සිද්ධියෙන් පසු ලෝකයේ ආරක්ෂක විශ්ලේෂකයන් අතර තවත් සැකයක් මතුව තිබේ.

සමහරු පවසන්නේ ඉරාන නෞකාවේ පිහිටීම පිළිබඳ බුද්ධි තොරතුරු තවත් රටක් හරහා හෙළි වීමක් සිදුවී තිබිය හැකි බවයි.

ඒ අතර ඉන්දියාව විසින් එවැනි තොරතුරු හුවමාරු කර තිබිය හැකි බවට ද සමහර විශ්ලේෂකයන් අදහස් පළ කර ඇත.

මෙම චෝදනා තහවුරු කරන නිල සාක්ෂි නොමැති වුවද, සමාජ මාධ්‍ය තුළ ලෝකය පුරා බොහෝ දෙනා විසින්:

“Never Trust India”

වැනි අදහස් පළ කරමින් දැඩි ප්‍රතිචාර දක්වනු දැකිය හැකි විය.

කෙසේ වෙතත්, මෙවැනි සමාජ මාධ්‍ය ප්‍රතිචාර බොහෝවිට ජනතා හැඟීම් සහ දේශපාලන අවබෝධය පමණක් පෙන්වනවා මිස සනාථ කළ බුද්ධි තොරතුරු නොවන බව ආරක්ෂක විශ්ලේෂකයන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකා සාගර කලාපය – රහසිගත මෙහෙයුම්වල තොතැන්නක්ද?

IRIS Dena සිද්ධිය ශ්‍රී ලංකාවට තවත් භයානක ප්‍රශ්නයක් මතු කරයි.

අපට නොදැනෙමින් විදේශීය සබ්මැරීන ශ්‍රී ලංකා සාගර කලාපය තුළ මෙහෙයුම් සිදු කරනවාද?

ශ්‍රී ලංකාව සතුව ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගවල මධ්‍යයේ පිහිටි ඉතා වැදගත් භූගෝලීය ස්ථානයක් ඇත.

එසේම ශ්‍රී ලංකාවට අයත් Exclusive Economic Zone (EEZ) ප්‍රමාණය රටේ භූමි ප්‍රමාණයට වඩා විශාල වේ.

එබැවින් අපගේ සාගර කලාපය ආරක්ෂා කිරීම රටේ ජාතික ආරක්ෂාවේ ප්‍රධාන අංගයක් බවට පත්ව ඇත.

නවීන නාවික ආරක්ෂාව – ශ්‍රී ලංකාවට ඇති අභියෝග

ශ්‍රී ලංකා නාවික හමුදාව LTTE  ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන මුහුදු කොටි බලකාය පරාජය කළ ලෝකයේ අත්දැකීම් සහිත නාවික හමුදාවන්ගෙන් එකක් බව සැලකේ.

නමුත් නවීන නාවික යුද්ධය අද වෙනස් වී ඇත.

අද යුද්ධය සිදුවන්නේ:

ගැඹුරු මුහුදු සබ්මැරීන මෙහෙයුම්

මුහුද යට නිරීක්ශනය කරන sonar detection systems යන්ත්‍ර

සගර නිරීක්ශනයටම ආවේනික ගුවන් හා සාගර නියමුවන් රහිත යානා
වැනි නවීන තාක්ෂණයන් මතය.

ශ්‍රී ලංකාවට තවමත් ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීමට අවශ්‍ය sonar network සහ underwater surveillance systems සම්පූර්ණයෙන් නොමැත.

ශ්‍රී ලංකාව – මානුෂීය නාවික බලයක්

මෙම සිද්ධියෙන් පසු නැවත වරක් ලෝකයට පෙනී ගියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මානුෂීය හැසිරීමයි.

මුහුදේ අනතුරට පත් ඕනෑම නාවිකයෙකු බේරා ගැනීම ජාත්‍යන්තර නාවික නීතිය යටතේ අනිවාර්ය කාර්යයකි.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ පහත ආයතන එකමුතුවෙන් ක්‍රියා කරයි:

ශ්‍රී ලංකා නාවික හමුදාව

Maritime Rescue Coordination Centre (MRCC) Colombo – පැය 24ම ක්‍රියාත්මක වන මුහුදු මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Air Rescue Wing

මෙම ආයතන මුහුදේ අනතුරු පිළිබඳ පැය 24ම නිරීක්ෂණය කරමින් අවශ්‍ය අවස්ථාවලදී මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

මෙම ක්‍රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු පහත වෙබ් පිටුවෙන් ලබාගත හැක:

https://coastguard.gov.lk/maritime-safety.html

VHF Marine Channel 16 – ජාත්‍යන්තර සහය පද්ධතිය

මුහුදේ අනතුරට පත් නාවිකයන්ට සහය ලබා දීම සඳහා VHF Marine Channel 16 ලෝකය පුරා භාවිතා කරන ජාත්‍යන්තර හදිසි සන්නිවේදන නාලිකාවකි.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම Channel 16 නිරන්තරයෙන් සවන් දෙන අතර, ජාත්‍යන්තර සාගර නීතිය යටතේ සහය ලබා දීමට නිතරම සූදානමින් සිටියි.

මෙම පද්ධතිය හරහා ලැබෙන distress calls වලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාව බොහෝ අවස්ථාවලදී විදේශීය නාවිකයන්ගේ ජීවිත රැකගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව මානුෂීය හමුදාවක් ඇති රටක් බව නැවත නැවතත් ලෝකයට ඔප්පු කරමින් සිටියි.

ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉරානය ප්‍රමුඛ කලාපයෙන් ලැබෙන කෘතඥතාව

IRIS Dena සිද්ධියෙන් පසු මුහුදේ අනතුරට පත් නාවිකයන් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අදාළ මුහුදු මුදවා ගැනීමේ ඒකක ක්‍රියාත්මක වූ ආකාරය ලෝකයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්විය. විශේෂයෙන්ම ඉරානය සහ මැදපෙරදිග කලාපයේ සමාජ මාධ්‍ය ජාලාවල ශ්‍රී ලංකාව පිළිබඳ ස්තූති ප්‍රකාශ සහ ප්‍රශංසාකාරී සටහන් විශාල ලෙස පළවූ බව දක්නට ලැබුණි.

ඉරාන සමාජ ජාලා භාවිතාකරුවන් සහ විශ්ලේෂකයන් අතර බොහෝ දෙනා පෙන්වා දී ඇත්තේ,
මුහුදේ අනතුරට පත් නාවිකයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ජාති, ආගම, දේශපාලන පාර්ශවයන් නොසලකා ක්‍රියා කිරීම ශ්‍රී ලංකාවේ මානුෂීය නාවික සම්ප්‍රදාය පෙන්වන බවයි.

සමහර සමාජ මාධ්‍ය සටහන් වල සඳහන් වූයේ:

“Sri Lanka showed true maritime humanity.”

“Sri Lankan Navy respected the law of the sea.”

“Thank you Sri Lanka for saving the sailors.”

යන ආකාරයේ ස්තූති පණිවිඩයි.

මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානුෂීය සහ විශ්වාසනීය සාගර රාජ්‍යයක් ලෙස ලෝකයේ ජනතාව අතර ඇති ප්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් කළ අවස්ථාවක් ලෙසද සැලකිය හැකිය.

මුහුදේ අනතුරට පත් නාවිකයන් බේරා ගැනීම ජාත්‍යන්තර සාගර නීතිය යටතේ අනිවාර්ය මානුෂීය වගකීමක් වන අතර, එම වගකීම නිසි ලෙස ඉටු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව නැවත වරක් ලෝකයට පෙන්වා දී ඇත්තේ:

“ශ්‍රී ලංකාව මානුෂීය වටිනාකම් අගය කරන නාවික සම්ප්‍රදායක් ඇති රටක්” බවයි.

මෙම සිද්ධියෙන් පසු ඉරානය ඇතුළු කලාපයේ බොහෝ දෙනා අතර ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව පිළිබඳ ගෞරවය හා පිළිගැනීම වැඩි වී ඇති බව සමාජ මාධ්‍ය ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනේ.

ඇමරිකාව තුළම යුද්ධයට විරුද්ධ හඬ

ඉරානයට එරෙහිව සිදු කරන ලද හමුදා මෙහෙයුම් පිළිබඳ විවාදය ඇමරිකාව තුළම දැඩි ලෙස උද්ගත වෙමින් තිබෙන බව තවත් සිදුවීමක් පැහැදිලි කරයි.

2026 මාර්තු 4 වනදා ඇමරිකානු සෙනෙට් සභාවේ Armed Services Subcommittee hearing එකක් අතරතුර ඇමරිකානු මැරීන් හමුදාවේ හිටපු සෙබළෙකු වූ Brian McGinnis යුද්ධයට විරුද්ධව ප්‍රසිද්ධියේ විරෝධතාවයක් පළ කළේය.

McGinnis hearing එක අතරතුර නැගී සිට මෙසේ කීවේය:

“America does not want to send its sons and daughters to war for Israel… No one wants to fight for Israel.”

මෙම ප්‍රකාශය සභාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් ඇති කළ අතර Capitol Police නිලධාරීන් විසින් ඔහුව බලයෙන් සභාවෙන් ඉවත් කරන ලදී.

එම අවස්ථාවේ සිදුවූ ගැටුමක් අතරතුර ඔහුගේ අත දොරක අගලක සිරවීමෙන් කැඩී ගොස් ඇති බවද වාර්තා වේ.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ ලොව පුරා විශාල ලෙස ව්‍යාප්ත වූ අතර යුද්ධය, විදේශ ප්‍රතිපත්ති සහ රටේ සෙබළුන් යුද්ධයට යැවීම පිළිබඳ දැඩි විවාදයක් ඇති කර ඇත.

සමහර අය McGinnisගේ ක්‍රියාව යුද්ධයට විරුද්ධව පෙනී සිටින හමුදා සෙබළෙකුගේ හඬක් ලෙස අගය කළ අතර තවත් අය එය සෙනෙට් සභාවේ නීති උල්ලංඝනය කළ ක්‍රියාවක් ලෙස විවේචනය කළහ.

නමුත් මෙම සිද්ධියෙන් පැහැදිලි වන්නේ එක දෙයකි.

ඉරානය සම්බන්ධයෙන් පවතින යුද්ධය පිළිබඳ විවාදය ඇමරිකාව තුළම දැඩි ලෙස බෙදී ගොස් ඇති බවයි.

Blue Water Navy – අනාගත අවශ්‍යතාව

අද ලෝකයේ නාවික බලවතුන් බොහෝදෙනා Blue Water Navy සංකල්පය යටතේ තම නාවික බලය සංවර්ධනය කරමින් සිටියි.

එය අර්ථ දක්වන්නේ:

ගැඹුරු මුහුදු මෙහෙයුම්

long-range surveillance

anti-submarine warfare

maritime drones

වැනි හැකියාවන් ඇති නාවික හමුදාවකි.

ශ්‍රී ලංකාවට ද එවැනි Blue Water maritime strategy එකක් ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ.

නිගමනය

IRIS Dena සිද්ධිය ලෝකයට එක දෙයක් පැහැදිලි කරයි.

ඉන්දීය සාගරය තවදුරටත් නිහඬ සාගරයක් නොවේ.

එය දැන් ගෝලීය බලවතුන්ගේ නිහඬ නාවික තරඟයේ වේදිකාවක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව මෙම බල තරඟයේ මධ්‍යයේ පිහිටි රටක් වන බැවින් අපට අවශ්‍ය වන්නේ:

දූරදර්ශී නාවික ප්‍රතිපත්තිය

නවීන සාගර නිරීක්ෂණ තාක්ෂණය

ශක්තිමත් නාවික ආරක්ෂාව.

එකක් පැහැදිලිය.

සාගරය පාලනය කරන රටක් තම අනාගතයද ආරක්ෂා කරගනී.

By: Sanindu Fonseka, Independent Defence Analysts.