hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:05



පසුගියදා නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි විසින් පොලීසියට පවසා ඇත්තේ ගනේමුල්ල සංජීව ඝාතනයට පෙර දිනයේ එනම් පසුගිය පෙබරවාරි 18 වනදා තමන් සහ සංජීව ඝාතනයේ වෙඩික්කරු වන කමාන්ඩෝ සමිඳු සමඟ මිද්දෙනියට පැමිණි බවයි.

කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් පරිදි මිද්දෙනියට පැමිණි නමුත් පසුව ඔහු විසින්ම තමන්ට සහ කමාන්ඩෝ සමිඳු නැමැත්තාට වහාම කොළඹට පැමිණෙන ලෙස දැනුම් දුන් බවත් ඇය පවසා තිබේ.

විමර්ශන අංශ සැක කරන්නේ ගනේමුල්ල සංජීව ඝාතනය වූ දිනට පෙර දිනයේ මීගස්ආරේ කජ්ජා ඝාතනය කිරීම සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් ඉෂාරා සහ සමිඳු නැමැත්තා මිද්දෙනිය ප්‍රදේශයට යවා ඇති නමුත් පසුව සැලැස්ම වෙනස් කර වෙනත් කණ්ඩායමක් යොදවා එම ඝාතනය සිදුකර ඇති බවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: